BREAKING : තවත් කොරෝනා ආසාදිතයින් 7ක් තහවුරුයි - මුළු ගණන 18 දක්වා ඉහළට

තවත් කරෝනා ආසාදිත රෝගීන් හත් දෙනෙක් තහවුරු කරගැනීමට හැකිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නාලක කළුවැව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුත් නිවේදනයක මේ බව දැක්වෙනවා.
තහවුරු කර ගත් රෝගීන් 7දෙනාම ඉතාලියේ සිට මෙරටට පැමිණි පිරිමි පුද්ගලයින් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කන්දකාඩු මධ්‍යස්ථානයේ රඳවා සිටි ඔවුන් කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැනීමෙන් පසු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
825 Views
Comments