කෝටිපති ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ල කෑ පොලිසියේ තිදෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිට කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළුවී එහි තිබූ රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා විදේශීය මුදල් පැහැර ගැනීම හා එම නිවස බලාගත් ඉන්දියානු ජාතිකයාගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ කොළඹ වංචා විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු හා පොලිස් සැරයන්වරුන් දෙදෙනකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (16) නියෝග කළේය.
ඊයේ (16) අධිකරණය හමුවේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී එම සැකකරුවන් තිදෙනා අතරින් එක් සැකකරුවකු පැමිණිලිකාර ඉන්දියානු ජාතිකයා විසින් හඳුනාගෙන තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක සහ සිවිල් පුද්ගලයන් තිදෙනකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 15වැනිදා නියෝග කොට තිබිණි.
219 Views
Comments