පුතාගෙන් පළිගන්න පියාට වෙඩි තබා ඝාතනය කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

පුතාගෙන් පළිගන්න පියාට වෙඩි තබා ඝාතනය කරලා

පුතාගෙන් පළිගන්න පියාට වෙඩි තබා ඝාතනය කරලා

අහුන්ගල්ල පොලිස් වසමේ දී පෙරේදා (08) රාත්‍රියේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක ලෙයට ලෙයින් පළිගැනීමක් වශයෙන් සිදු කරන ලද ඝාතනයක් බවට මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අහුන්ගල්ල පොලිසිය පවසයි.

 

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ බෝගහපිටිය, ලොකට් වත්ත ප්‍රදේශයේ පදිංචි කලුවත් කීර්ති ආබ්‍රෝ (59) නමැත්තෙකි.

 

මීට පෙර අහුන්ගල්ල පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමක සැකකරු වන දැනට ඩුබායි රාජ්‍ය බලා ගොස් ඇති මියගිය අයගේ පුතා විසින් සිදු කරන ලද ඝාතනයට ලෙයට ලෙයින් පළිගැනීමක් වශයෙන් ඔහුගේ පියා මෙසේ ඝාතනය කොට ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළිවී ඇති බවත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග තවත් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් ඇල්පිටිය කොට්ඨාස වැඩබලන පොලිස් අධිකාරී රවිඳු සිල්වා මහතා පැවසීය.

 

views

214 Views

Comments

arrow-up