පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි

පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි

හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කිරීමේදී නිර්භවය එම ජීව අත්බෝම්භය නැවත අගුලු ලා දරුවන් දෙදෙනා බේරාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් අගයා මුදල් සහ ප්‍රශංසා ත්‍යාග පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

 

එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා ඇතුළු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 8 දෙනකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 75,000 ක් සහ ප්‍රශංසා සහතික 2 ක් ද පිරිනැමිණ.

 

මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.

views

273 Views

Comments

arrow-up