MAY
10
කසමඩුව ගම වැනසූ තනි අලියා

මිහින්තලේ කසමඩුව ගම්මානයට කඩා වැදුණු තනි අලියකු, නිවාස දෙකක් සහ වී මෝලක්, වී ගබඩාවක් කඩා විනාශ කර දමා ඇති බව කසමඩුව ගම්වාසීහු පැවසූහ.
මෙම වන අලියා වී ගබඩා කර තිබෙන ගෙවල් හා වීමෝල්, වී ගබඩා තිබෙන භූමිවලට පමණක් ඇතුළු වී මෙම විනාශයන් සිදු කර තිබූ බව ඔවුහු කියති.
නිවාස දෙකක ජනෙල් දොරවල් කඩා දමා, වී තොග කාදමා ඇති එම වන අලියා එක් නිවසක වී ගෝනියක් රැගෙන ගොස් ඇති බවත්, තවත් නිවසක් තුලට ඇතුළු වීම සඳහා එම නිවසේ ස්ථාන පහක් කඩා බිඳ, උත්සාහ දරා ඇති බවද ගම්වාසීහු පැවසූහ.
222 Views
Comments