මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව නිවසේ සිට රාජකාරී සිදු කිරීම ගැන ජනතාව දැනුවත් කරයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ. අලහකෝන් මහතා විසින් මාධ්‍ය වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළ වන වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
එසේ වුවද නිවසේ සිට රාජකාරී කිරීමේ රජයේ ප්‍රතිපත්ති අනුගතව මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
671 Views
Comments