දිස්ත්‍රික්ක කිහිපයක ඉවත් කළ ඇඳිරිනීතිය සවස 4ට යළි ක්‍රියාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

දිස්ත්‍රික්ක කිහිපයක ඉවත් කළ ඇඳිරිනීතිය සවස 4ට යළි ක්‍රියාත්මකයි

දිස්ත්‍රික්ක කිහිපයක ඉවත් කළ ඇඳිරිනීතිය සවස 4ට යළි ක්‍රියාත්මකයි

දිස්ත්‍රික්ක 19 ක තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරිනීතිය අද සවස 4 ට යළි ක්‍රියාත්මක වනවා.

 

කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , මහනුවර හා යාපනය දිස්ත්‍රික්ක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

 

සෙසු ප්‍රදේශවල ඇඳිරිනීතිය අද පෙරවරු 6 ට ලිහිල් කෙරුණා. එය පස්වරු 4 ට යළි ක්‍රියාත්මක වන අතර ලබන 14 වනදා පෙරවරු 6 ට තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි. එදිනම සවස 4 ට යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි රජය නිවේදනය කර ඇත්තේ.

 

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. ඒ අනුව එම පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

 

ඇඳිරිනීතිය පැනවීමෙන් ඇති වන දුෂ්කරතා අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ඇඳිරිනීතිය පැනවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව රජය අවධාරණය කරනවා.

 

views

583 Views

Comments

arrow-up