රත්නපුරේ හා පැල්මඩුල්ලේ 67දෙනෙක් දියතලාවේ නිරෝධායනයට

රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රදේශවල පුද්ගලයන් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.
රත්නපුර මුද්දූව ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හමුවුණා.
ඔවුන් ඇසුරු කළ පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 67 දෙනෙකු මෙසේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරුණේ ඉන් අනතුරුවයි.
කොරෝනා රෝගීන් දෙදෙනා දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින එකම පවුලේ 3 දෙනාගේ පවුලේ සාමාජිකයන් වනවා.
ඒ අනුව එකම පවුලේ 5 දෙනෙකු මෙසේ කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මෙම පුද්ගලයන් ඇසුරු කළ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ සිදුකෙරෙමින් පවතිනවා.
682 Views
Comments