විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවසර

නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සලකා, විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා මේ මස 30 වැනිදා දක්වා සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ, පසුගිය පෙබරවාරි මාසයේ සිට මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටින විදුලි පාරිභෝගිකයින්ගේ නිවෙස්වලට කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසයි.
කොවිඩ් -19 වෛරසය පැතිර යාම පාලනය කිරීමෙන් පසු ලැබෙන විදුලිය බිල්පත කොටස් වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව උදාකර දෙන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසුවා.
ඇතැම් බිල්පත්වලට විශාල මුදලක් එකතු වී ඇති බවත්, එම බිල්පත් කොටස් වශයෙන් ගෙවා අවසන් කරනතුරු අඛණ්ඩව විදුලිය ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් සිදු වුව ද, එළඹෙන නොවැම්බර් මාසය දක්වාම අඛණ්ඩ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අගුරු තොග නොරොච්චෝලේ බලාගාරය සතුව පවතින බැවින් කිසිදු කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබා දිය හැකි බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
701 Views
Comments