ලංකාව කොරෝනා පැතිරෙන රාජ්‍යක් - WHO
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

ලංකාව කොරෝනා පැතිරෙන රාජ්‍යක් - WHO

ලංකාව කොරෝනා පැතිරෙන රාජ්‍යක් - WHO

ශ්‍රී ලංකාව නව කොරෝනා වෛරසය පැතිර යන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.

 

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ යද්දී නිරෝධායන ක්‍රියාවලිය මගහැරි පුද්ගලයින් සෙවීම සඳහා බුද්ධි අංශ ද මේ වන විට ක්‍රියාත්මකයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව කොරෝනා සැකය මත ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 133ක්.

 

ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු දිවයිනේ රෝහල් 16 ක ප්‍රතිකාර ලබයි.


 

විදේශයන්ගේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් 1715 දෙනෙකු මඩකලපුව, කන්දකාඩු හා දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 10ක් වෙත යොමු කර තිබේ.

 

views

925 Views

Comments

arrow-up