හෙදියන් තුන්දාහක් අලුතින් බඳවා ගැනීමට පියවර

හෙදියන් තුන්දහසක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබෙන බව කී අමාත්‍යවරයා අභියාචනා කාලයෙන් පසු ඒ බඳවා ගැනීම් කරන බව සඳහන් කළේය.
දැනට හෙද සේවයේ හතළිස් පන්දහසක් සිටින අතර පුරප්පාඩු තිබෙන්නේ දහසක් පමණකියි ද අමාත්‍යවරයා කීය.රටේ හතළිස් පන්දහසක හෙද හිඟයක් නැතැයිද කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් නඟමින් රටේ 45000ක පමණ හෙද හිඟයක් තිබෙන මොහොතක හෙද පුරප්පාඩු කඩිනමින් පුරවන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
උසස් පෙළ විභාගයට ජීව විද්‍ය හා ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන් හෙද සේවයට බඳවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කර දැනට 3100 ක් පමණ බඳවාගෙන තිබෙන බවත් තවත් 3800 ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයේ සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.
214 Views
Comments