“ඡන්දය දෙන්න ඕනෑ කාටදැයි කියා මා කීවේ නෑ” - කාදිනල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

“ඡන්දය දෙන්න ඕනෑ කාටදැයි කියා මා කීවේ නෑ” - කාදිනල්

“ඡන්දය දෙන්න ඕනෑ කාටදැයි කියා මා කීවේ නෑ” - කාදිනල්

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්‍රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

 

‘පාස්කු දින’ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්‍රහාරයේ සත්‍ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති.

 

වෙනත් දේශපාලන පක්‍ෂ ද එවැනි වැඩ සටහන් ඉදිරිපත් කළ හැකි මෙන්ම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ, විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන ලෙස එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පවසන කොළඹ අගරදගුරුතුමා එවැනි විසඳුමක් දෙන ඕනෑම පක්‍ෂයකට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට සියලුම පුරවැසියන් දිරිමත් කරන බව ද කියති.

views

241 Views

Comments

arrow-up