ලක්ෂ 250ක ගජමුතු සහ මංජුසාවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුව මඩකලපුව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හමුවූ ගජමුතු සහ රිදී මංජුසාව රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු බව සඳහන් ය.
විශේෂ කාර්ය බළකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) මඩකලපුව පොලිස් වසමේ, පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබුණි.
එහිදී ගජමුතු 11ක් සමග රිදී මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
263 Views
Comments