අකුණු සැරින් අයියා නගෝ දෙදෙනා එකට අවසන් ගමන් යයි

මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.
අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ දිලීප ප්‍රබෝධ ගුණරත්න සහ ඔහුගේ බාල සහෝදරිය වන රත්තොට දන් කන්ද දන්කන්ද විද්‍යාලයේ (8) ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕසදි සෙව්වන්දි ගුණරත්න නැමැති අයයි.
මෙම සිදුවීම ඊයේ (29) වන දින සවස 6.30 පමණ සිදුව ඇති අතර දන්කන්ද ප්‍රදේශයට එදින සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ අකුණු කිහිපයක් පතිත වී ඇති බවත් අවට නිවාස රැසකම විදුලි මීටර් හා විදුලි බල්බ රූපවාහිනී ඇතුළු උපකරණ රැසකටම හානි සිදුවී ඇති බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරති.
අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දියණිය හා තරුණයා රත්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් අදාළ තරුණයා හා දැරිය මරණයට පත්වී ඇති බව රත්තොට රෝහල සඳහන් කරයි.
352 Views
Comments