ඉන්ධන මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ඉන්ධන මිල පහලට

ඉන්ධන මිල පහලට

ඊයේ (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

 

මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

 

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368කි.

 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420කි.

 

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333කි. 

 

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377කි.

 

භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වෙයි.

 

එම තොරතුරු පහතින්,

 

views

252 Views

Comments

arrow-up