සුදු වෑන් රියදුරන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් පැවසුවේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවයි.
සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
1316 Views
Comments