සෝමාවතිය පුදබිම ජලයෙන් යට වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

සෝමාවතිය පුදබිම ජලයෙන් යට වෙයි

සෝමාවතිය පුදබිම ජලයෙන් යට වෙයි

පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මත සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.


 
ගංවතුරට කොටු වී සෝමාවතිය පුද බිමේ සිටින ස්වාමින් වහන්සේලා  සහ සේවකයින් සඳහා අවශ්‍ය ආහාර පාන බෝට්ටු මගින් රැගෙන යෑමට කටයුතු කළා.


 
සෝමාවතිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක පමණ දුරක් අඩි හයක පමණ ප්‍රමාණයක්  සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා.


 
පුදබිම වෙත ආහාර පාන සහ සියලු ගමන් බිමන් යුද හමුදාව , පුලස්තිපුර පොලිසිය සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු  ලබයි.


 
වෙනදා මෙන්ම සෝමාවතිය චෛත්‍ය වෙත බුද්ධ පුජාව ඇතුළු සියලුම පුද සත්කාර නොකඩවා සිදු කරන බවත් පවතින ගංවතුර තත්ත්වය දින කිපයකින් පහව ගිය පසු නැවැත බැතිමැතුන් වෙනුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට විවෘත කරන බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි  සඳහන් කළා.

views

937 Views

Comments

arrow-up