කොළඹට සුඛෝපභෝගී බස් රථ සේවාවක් - නගරයට ඇතුල්වන වාහනවලට ගාස්තුවක්

ලබන වසරේ ජනවාරි මස සිට කොළඹ නගරයට ඇතුල්වන වාහන සඳහා යම් ගාස්තුවක් අය කර ගැනිම කෙරෙහි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරයට පිවිසෙන පුද්ගලික වාහන වර්ගීකරණයකට ලක් කරන අතර ඒ යටතේ මෙම ගාස්තුව අයවනු ඇති.තදාසන්න නගරවල සිට කොළඹට පැමිණීමට සුඛෝපභෝගී බස් රථ සේවාවක් මුලින්ම ආරම්භ කරන අතර මෙම ගාස්තු අය කිරීම සිදු කරනුයේ ඉන් පසුවයි.
මෙහි අරමුණ වී ඇත්තේ අධික රථ වාහන තදබදය පාලනය කර ගැනීම මෙන්ම ,කොළඹ නගරයේ සිදු වන දෛනික වායු දූෂණය අවම කර ගැනීමයි.
රථ වාහන තදබදය නිසා දිනකට රුපියල් කෝටි ගණනක ඉන්ධන අපතේ යන අතර ,මෙම වාහන තද බදය අවම කර ගැනීමට තවත් ක්‍රියා මාර්ග කිහිපයක් ගනු ඇති.
2702 Views
Comments