ෆේස්බුක් සාදයක් වටලා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ෆේස්බුක් සාදයක් වටලා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට

වැලිගම පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 9දෙනෙකු සමඟ තවත් අයකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

 

මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ.

 

එහිදී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ගංජා, සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 08 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

 

ඔවුන් බෙලිඅත්ත, වංචාවල, උඩුකාව – තෙලිජ්ජවිල, කනංකේ කඩවීදිය, මිරිස්ස, පැලෑන සහ රනාල ප්‍රදේශයේ පදිංචි වයස 21, 24, 27, 35, 22, 17, යන වයසේ පසුවන්නන් වෙති.

 

මෙම සාදය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානය කොට තිබූ බවත් එ සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් පැමිණ සිටි බවද පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

90 Views

Comments

arrow-up