කොරෝනා ආසාදිතයන් 5 දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

කොරෝනා ආසාදිතයන් 5 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයන් 5 දක්වා ඉහලට


කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු තහවුරු කරගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

 


ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි පුද්ගලයෙකු සිටින අතර ඔහු මේ වන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එසේම ඉතාලියේ සිට පැමිණි වයස අවුරුදු 37ක් වු පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඉතාලියේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු අයෙකි.ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 


අනෙක් රෝගියාද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු 43 හැවිරිදි අයෙකු වන අතර ඔහුද අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

 

views

744 Views

Comments

arrow-up