ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනපති කොමිසමේ ලේකම්වරිය වන පර්ල් කේ. වීරසිංහ යන අයව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. ජනාධිපති කොමිසමේ ලේකම්වරියට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර සිටියත් ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුව වී තිබෙනවා.

 

අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු 08 දෙනෙකුට එරෙහිව ජනාධිපති කොමිසම විසින් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර එම විමර්ශනයට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් විමසීම සඳහා ජනාධිපති කොමිසමේ ලේකම්වරියට අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නොතිසි නිකුත් කර තිබුනා.

views

804 Views

Comments

arrow-up