රවී ඇතුලු මහබැංකු කොල්ලකරුවන්ට වරෙන්තු - ඒ්ත් මිස්ටර් ක්ලීන් නිදැල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

රවී ඇතුලු මහබැංකු කොල්ලකරුවන්ට වරෙන්තු - ඒ්ත් මිස්ටර් ක්ලීන් නිදැල්ලේ

රවී ඇතුලු මහබැංකු කොල්ලකරුවන්ට වරෙන්තු - ඒ්ත් මිස්ටර් ක්ලීන් නිදැල්ලේ

ආන්දෝලනාත්මක බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළා.

 

බැදුම්කර නිකුතුවේ දී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

 

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයට කරුණු වාර්තාකර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය 4 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා. කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න අද ප්‍රකාශයට පත්කරන බවයි සදහන් කළේ.

 

එම නඩුව අද කැදවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ එය පස්වරු 2.30 දක්වා කල්තැබීමටයි. සිද්ධියට අදාළ නඩුවේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට පෙර යම් පැහැදිලි කිරීමක් සිදුකර ගැනීම අවශ්‍ය බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නා.

 

කෙසේ වුවද එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් චෝදනා එල්ල වී ඇති රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළා.

views

686 Views

Comments

arrow-up