කොළඹ වායු ගෝලයේ තත්වය මනින්න ස්වයංක්‍රීය මිනුම් උපකරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

කොළඹ වායු ගෝලයේ තත්වය මනින්න ස්වයංක්‍රීය මිනුම් උපකරණයක්

කොළඹ වායු ගෝලයේ තත්වය මනින්න ස්වයංක්‍රීය මිනුම් උපකරණයක්

කොළඹ නගරයේ වායු ගෝලයේ තත්වය මැන බැලීම සදහා ස්වයංක්‍රීය තත්ත්ව මිනුම් උපකරණයක් අද පෙරවරුවේ ස්ථාපිත කෙරුණා.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ කොළඹ  මහනගර සභාව එක්ව සවිකළ මෙම යන්ත්‍රය විවෘත කිරීම කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

කොළඹ නගරය අවට වායුගෝලයේ දූෂක තත්ත්වය මෙන්ම කොළඹ මහනගර සභාවේ සිට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි සියලු ආයතනවලද වායු තත්ත්වය මෙමගින් මැනබැලිය හැකියි. කොළඹ මහනගර සභාව භූමියේ මෙය සවිකර තිබෙනවා.

views

568 Views

Comments

arrow-up