මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - අගමැති

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - අගමැති

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(06) ප්‍රකාශ කළේය.

 

දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බවත් අගමැතිවරයා පැවසීය.

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද(06) පැවැති මාධ්‍ය වේදීන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.

 

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.

 

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයාද මෙවර මහමැතිවරණයට පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බව අගමැතිවරයා කීවේය.

 

අගමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද එම සාකච්ඡාවට සහභාගී වූහ.

views

679 Views

Comments

arrow-up