ස්විස් තානාපති සේවිකාවගේ ප්‍රකාශය පැය 4ක් - තවත් ප්‍රකාශයක් ලබාගැනීමේ සූදානමක්?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

ස්විස් තානාපති සේවිකාවගේ ප්‍රකාශය පැය 4ක් - තවත් ප්‍රකාශයක් ලබාගැනීමේ සූදානමක්?

ස්විස් තානාපති සේවිකාවගේ ප්‍රකාශය පැය 4ක් - තවත් ප්‍රකාශයක් ලබාගැනීමේ සූදානමක්?

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබෙනවා.

 

එසේම ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද පරීක්ෂා කර තිබේ.

 

මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ඇයගෙන් තවත් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර බොහෝ විට එම ප්‍රකාශය අද දිනයේදී ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

 

එම ප්‍රකාශය අද දිනයේදී ලබාගන්නේද යන්න පිළිබඳව වන තීරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් ලබාගැනීමට නියමිතයි.

views

667 Views

Comments

arrow-up