ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කරගත යුතුයි - අඩෙක්කලනාදන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කරගත යුතුයි - අඩෙක්කලනාදන්

ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කරගත යුතුයි - අඩෙක්කලනාදන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවු අවස්ථාවේ මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කළ සේම ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් හා බෝට්ටු නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතු බව ‍ටෙලෝ පක්ෂනායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.

 

අඩෙක්කලනාදන් මහතා පැවසුවේ මන්නාරම, යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් පිරිසක් හා අදාළ ධීවරයින් .මන්ගත් ධීවර යාත්‍රා කිහිපයක් ඉන්දීය අත්අඩංගුවේ පවතින බවයි.

 

ඉන්දීය අත්අඩංගුවේ සිටින ධීවර පිරිස නිදහස් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් මැදිහත්වි කටයුතු කළ යුතු බවද අඩෙක්කලනාදන් මහතා පැවසුවා.

 

අඩෙක්කලනාදන් මහතා වැඩිදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා හා ජනාධිපතිවරයා හමුවි සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක ඉන්දීය අත්අඩංගුවේ පසුවන උතුරේ ධීවරයින් නිදහස් කර ගැනීමට බාධාවක් නොමැති බවයි. 

 

උතුරේ ධීවර ජනතාවගේ අදාළ ගැටළුව විසදා ගැනීමට ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරනබවද හෙතෙම ප්‍රකාශ කළා.

views

787 Views

Comments

arrow-up