බැඳුම්කර කතාව යට යයිද?

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට (03දා) පෙ.ව. 10.30ට කෝප් කමිටු සාමාජිකයන් කැඳවා තිබෙනවා.
එසේ වුවද පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළහොත් ඒ සියල්ල අවසන් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහබැංකුවේ වෝහාරික වාර්තාව කෝප් කමිටු සමාජිකයන්ට ඉදිරිපත් කිරීමට හෙට උදේ 10.30ට කෝප් කමිටුව කැඳවන්න බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළොත් කමිටුව විසිරෙනවා. කැඳවන්න බැරි වෙනවා. කෝප් කමිටුව සිදුකරගෙන ආපු පරීක්ෂණ සියල්ල අවසන් වෙනවා" යැයි පැවසීය.
663 Views
Comments