කටුනායක ස්කෑන් යන්ත්‍ර ජනපතිගේ නිරීක්ෂණයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

කටුනායක ස්කෑන් යන්ත්‍ර ජනපතිගේ නිරීක්ෂණයට

කටුනායක ස්කෑන් යන්ත්‍ර ජනපතිගේ නිරීක්ෂණයට

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් , ඔවුන්ගේ සිරුරු වල විවිධ ස්ථාන වල සගවා ගෙන එනු ලබන රත්තරන් , විවිධ මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ක්ෂණිකව අනාවරණය කර ගත හැකි විශේෂ ස්කෑන් යන්ත්‍ර  රේගු පරිශ්‍රයේ සවි කර ඇති අතර, එම යන්ත්‍ර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අධීක්ෂණයට 30 දා රාත්‍රීයේ ලක්වුණා.

 

ඒ ජනාධිපතිවරයා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කර , කටුනායක ගුවන් තොටුපළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.

 

රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර, ක්ෂණිකව ඔවුන් සගවා ගෙන ඇති දෑ  එම ස්ථාන ද සමග අනාවරණය කර දෙයි.

 

ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී මෙම යන්ත්‍ර දැක රේගු නිලධාරීන්ගෙත් ඒ පිළිබඳව විමසා මහත් සතුටට පත් විය.

views

818 Views

Comments

arrow-up