රට ගිහින් ගෙදර ගිය තවත් 4ක් නිරෝධායනයට - එවැනි අය ගැන දන්වන්න 117
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

රට ගිහින් ගෙදර ගිය තවත් 4ක් නිරෝධායනයට - එවැනි අය ගැන දන්වන්න 117

රට ගිහින් ගෙදර ගිය තවත් 4ක් නිරෝධායනයට -  එවැනි අය ගැන දන්වන්න 117

දකුණු කොරියාවේ සිට පැමිණ කටුනායක ගුවන් තොටුපළින් සිය නිවෙස් කරා ගොස් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ස්වේච්ඡාවෙන් නිරෝධායන කටයුතු සඳහා යොමුව තිබෙනවා.

 

ඔවුන් ඊයේ (15) රත්නපුර මහ රෝහල වෙත භාර වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. 

 

මේ අතර ඉකුත් 01 වැනිදා සිට 09 වැනිදා දක්වා දිවයිනට පැමිණි පුද්ගලයින් වේ නම් නිරෝධායනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් ද කර තිබුණා.

 

එලෙස දිවයිනට පැමිණි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් 117 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඉල්ලීමක් කළේ. 

 

මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් ලෙස ඊයේ ඉහළ ගියා. ඊයේ දිනයේ පමණක් මෙරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 07 ක්. 

views

1640 Views

Comments

arrow-up