රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කරයි - අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වසනීය ආරංචිමාර්ග වාර්තා කරයි.
ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පස්වරුවේ ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි කාල සීමාවේදී රනිල් වික්රමසිංහ මහතා නැවතත් විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ වන විටත් අග‍්‍රාමාත්‍ය කාර්යයේ හා නිල නිවසේ ඇති පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බවයි.
අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයද මේ වන විට සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇතැයිද වාර්තා වෙයි.
778 Views
Comments