සාම සාධක හමුදා රාජකාරී සඳහා යුද හමුදාවේ 243ක්.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් අද(13) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20ක් සහ සෙසු නිලවලට අයත් 223 යුතු භට පිරිසක් ද මෙම රාජකාරී සදහා පිටත්ව ගියහ.
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයකින් ශ්‍රී ලාංකික යුධ හමුදා භට පිරිස අද(13) අලුයම 3.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය.
මෙම භට පිරිස වෙත සුභ පැතීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
709 Views
Comments