ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්


ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේනවා .

 

අද (13) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරිම තහනම් බව මැතිවරණ කොමිසම සදහන් කළේය.

 

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ද අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි. 

 


කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෘජු හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි. 

 


එහෙත් අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන බවට ලිඛිත සාක්ෂි ලැබුණහොත් ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එම කොමිසම පැවසුවේය.

views

613 Views

Comments

arrow-up