මැතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලූ නඩුවලට දින නියම කරයි

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව පාර්ශව කිහිපයක් විසින් ගොනු කරනු ලැබ ඇති පෙත්සම් මැයි මස 18 සහ 19 දෙදින තුළ සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
පාර්ශ්වකරුවන් හතක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසයි.
කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා ඇත්තේ මැතිවරණ කොමිසම විසින් නම් කරන ලද මැතිවරණ දිනය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැකි බවයි.
566 Views
Comments