අගමැති හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

අගමැති හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු අතර හමුවක්

අගමැති හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු අතර හමුවක්

කොවිඩ් -19 වෛරසයට එරෙහිව රටේ සියලු දෙනා දේශපාලන බේදයකින් තොරව එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන්  මහතා පවසයි.

 

ඊයේ(04) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සදහන් කළේය.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අතර සාකච්ඡාවක්  ඊයේ පස්වරුවේ පැවැත් වුණි.

 

ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.

 

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පිරිසක් එක්ව සිටි අතර බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරුන් ද ඊට එක්ව සිටියේය

views

725 Views

Comments

arrow-up