ඊයේ වාර්තාවූ රෝගීන් ගේ සම්පුර්ණ තොරතුරු මෙන්න

ඊයේ (05) දිනයේදී වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනා ගෙන් 31ක් දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
ඔහු සඳහන් කලේ අනෙක් රෝගීන් දෙදෙනා නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සමිපතයින් බව ඔහු සඳහන් කළා.
මෙලෙස වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනා වයස අවුරුදු 13 ක දරුවෙක් සහ 70 ක කාන්තාවක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
ඊයේ දිනය අවසන් වන විට නාවික හමුදා සෙබළුන් 327ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
872 Views
Comments