අල්ලස් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

අල්ලස් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා රිමාන්ඩ්

අල්ලස් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා රිමාන්ඩ්

රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.


 
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති පුද්ගලයා ඊයේ(04) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000ක් බැගින් මුදල් ඉල්ලා ඇති බවය.

 

ඒ අනුව ඊට අදාළව අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට තිබුණි

 

විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදුකළ දැනුම්දීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

 

views

677 Views

Comments

arrow-up