නාගොඩ රෝහලෙන් පැනගිය කාන්තාව අල්ලයි

නිරෝධායනය වෙමින් සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ දී සෞඛ්‍ය අංශ භාරයට ගෙන තිබේ.
පසුගිය 27 වැනි දින ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ ඇති 80 හැවිරිදි අදාළ කාන්තාව බේරුවල ප්‍රදේශයේ හෝටලයකට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති අතර, මානසික රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ඊයේ (28) අලුයම් කාලයේ රෝහලෙන් පැන ගොස් තිබේ.
සිදුකළ සෝදිසියකදී එම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, ඇය සෞඛ්‍ය බලධාරීන් බාරයට ගැනීමෙන් අනතුරුව අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යොමුකිරීමට පියවර ගත් බව කළුතර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම් සිංහබාහු මහතා පැවසීය.
889 Views
Comments