ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ආනවිලුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරුද ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී අදාළ බැකෝ යන්ත්‍රයද පොලීසිය විසින් සිය බාරයට ගත්තා.
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ආනවිලුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණා.
එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බවයි පසුව අනාවරණ වුණේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.
790 Views
Comments