අජිත් රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

අජිත් රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්

අජිත් රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නොතීසි නිකුත් කර තිබෙන බවට වාර්තා වෙයි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ලබන 31 වන දා දහවල් 01.30ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ලලිත් ජයසිංහ මහතාගේ පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරී කේ.කේ.එස්. ගුණසේකර මහතා වෙනුවෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා අජිත් රෝහණ මහතාට මෙම කැඳවීම සිදුකර තිබේ.

ලබන 31 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පැමිණිලි 13ක සාක්ෂි විමසීමේ කටයුතු සිදු කිරිමට නියම්තයි.

 

views

831 Views

Comments

arrow-up