ඇඳිරි නීතිය පවතින කාලයේදී දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් 480ක් විවෘතයි

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ඉන්ධන සැපයීමට පියවර ගෙන ඇති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළා.
ඇඳිරි නීතිය පවතින කාලයේදී ද දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි විවෘතව තබන පිරවුම් හල් සංඛ්‍යාව 480 ක්. ඒ අනුව දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවා.
කිසිදු බධාවකින් තොරව ඛණිජතෙල් සම්පාදනය කරන බවයි සංස්ථාව පවසන්නේ.
මේ අතර කොලොන්නාවේ සිට අනුරාධපුරය ,මඩකලපුව,පේරාදෙණිය හා කටුණායකට දුම්රියෙන් තෙල් ප‍්‍රවාහනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
පෙට‍්‍රල් සහ ඩීසල් ලීටර 81200 ක් රැගත් දුම්රියක් පේරාදෙණියට පිටත් වුනේ පෙරවරු 9 ට. තවත් ඉන්ධන ලීටර 40000ක් රැගත් දුම්රියක් මඩකලපුවට ධාවනය කිරීමට මේවන විට කටයුතු යොදා තිබෙනවා.
864 Views
Comments