කොරෝනා ගැන අසත්‍ය පුවත් පැතිරවූ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

කොරෝනා ගැන අසත්‍ය පුවත් පැතිරවූ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

කොරෝනා ගැන අසත්‍ය පුවත් පැතිරවූ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

මේ දිනවල ලොවපුරා ව්‍යාප්ත වන කෝවිඩ්19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත් පතුරවමින් ජනතාව භීතියට පත්කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ මොවුන් රාගම හා බණ්ඩාරගම යන ප්‍රදේශවල අය බවයි.

 

මින් එක් පුද්ගලයෙකු සැලුනයක සේවය කරන අයෙක් වන අතර සෙසු පුද්ගලයන් ත්‍රිරෝද රථ රියදුරෙකු බවයි වාර්තා වන්නේ.

 

මීට අමතරව තවත් පුද්ගලයන් 40 ක් පමණ පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත් පොලීසිය පවසනවා.

 

ඇතැම් පුද්ගලයන් විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත් පතුරවමින් සිටින අතර තහවුරු කළ පුවත් පිළිබඳව පමණක් විශ්වාසය තබන්නැයි රජයට ජනතාවගෙන් ඉල්ලා සිටීමට ද සිදුව තිබේ.

views

993 Views

Comments

arrow-up