අධිකරණ කටයුතු 20 දක්වා අත්හිටුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

අධිකරණ කටයුතු 20 දක්වා අත්හිටුවෙයි

අධිකරණ කටයුතු 20  දක්වා  අත්හිටුවෙයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අධිකරණ කටයුතු සීමා කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

 

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සතිය තුල දින ලබාදී ඇති  කැදවීම් නඩු වෙනත් දිනකදී කැදවීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී ඇත්තේ.

 


ඊට අමතරව මහ අධිකරණ,  දිස්ත්‍රික්ක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මේ සතිය තුළ සිදුවන නඩු කටයුතු වලට සීමා පනවා තිබෙනවා.

 


අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇප ලබාදීම සහ බන්ධනාගාර ගත කිරීමේ දිනයන් දීර්ඝ කිරීමේ කටයුතු වලදී රැඳවියන් බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලෙසයි.

 

views

638 Views

Comments

arrow-up