දෙසැම්බර් පළමු වනදා සිට දුම්රියේ සිඟමන් යැදීම සම්පූර්ණයෙන් තහනම්

අනිද්දා (01) සිට දුම්රියේ සිඟමන් යැදීම සම්පුර්ණයෙන් තහනම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
දුම්රිය වේදිකාවන්වල සිගමන් යැදීමද ඒ අනුව තහනම් වනවා.
එම නීතිය කඩකර සිගමන් යැදින්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බවයි දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අතර යාල්දේවි දුම්රිය පීලි පැනීම හේතුවෙන් බාධා එල්ලවී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත්කර තිබෙනවා.
ඒ සමග රාත‍්‍රියේ කොළඹ කොටුවේ සිට යාපනය සහ තලෙයිමන්නාරම දක්වා ගමන් කෙරෙන රාත‍්‍රි තැපැල් දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
955 Views
Comments