ගර්භණී කාන්තාවන්ට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක් ඇති ගර්භනී කාන්තාවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යාමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇත්තේ.
649 Views
Comments