බුරවි සුළි කුණාටුවෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීමට සියල්ල සූදානම් - අමාත්‍ය චමල් රාජපක්ෂ

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අද මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකාවේ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන අවපාතය පිළිබඳව පාර්ලිමේන්තුවට අදහස් දක්වමිනි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 27 වන දින නිකුත් කරන ලද නිවේදනයට අනුව,
සුළි කුණාටුවෙන් බලපෑමට ලක්විය හැකි ශ්‍රි ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක වන ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, වවුනියාව,මන්නාරම සහ පුත්තලම ඇතුළු සියලුම දිස්ත්‍රික්ක සඳහා මේවන විට අවදානම් නිවේදන නිකුත් කර ඇති බවත්,
ඒ සඳහා තවදුරටත් දැනුවත් කිරීමට දිස්ත්‍රික් මට්ටමින් නිලධාරින් සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදි.
නොවැම්බර් 27 වන දින සිට නැවත දැනුම්දෙනතුරු දිවයිනේ නැගෙනහිර මුහුදට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටීමටත්,
උදම් රළ මට්ටම ඉහළ යා හැකි බැවින් වෙරළාශ්‍රිත ප්‍රජාව, ධීවර උපකරණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමටත්,
හානි අවම කර ගැනීමටත්, ආපදාවට ලක්වන ප්‍රදේශවල යටිතල පහසුකම් පැය 24ක් ඇතුළත යථා තත්වයට පත් කිරීමට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා දී ඇති බව ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය,
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
ආපදා සහන සේවා මධ්‍යස්ථානය,
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් වගකිව යුතු සියලු පාර්ශව මෙම තත්ත්වයට මුහුණ දීමට පූර්ව සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැන්වීය.
ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයීමට රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති බවත්,
අමතර ප‍්‍රතිපාදන අවශ්‍යතාව මත ලබා දීමටද ආපදාවට ලක්වන වන ප්‍රජාවට වන්දි ලබා දීමටද අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීමට අදාළ චක්‍රලේඛ දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරු වෙත දැනටමත් යොමු කර ඇති බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදි.
ආපදා සුරක්ෂිත මධ්‍යස්ථානවල කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව දැඩිව අවධානය යොමු කරන බවත්,
නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව නිරන්තරයෙන් දැනුවත් කරන බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා සභාවට දැන්වීය.
අවශ්‍ය අවස්ථාවන්හිදි සෙවීම් හා මුදවා ගැනීම සඳහා කණ්ඩායම් සූදානම් කර ඇති අතර,
දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමින් පොලිස් අධිකාරි කාර්යාල,
සහකාර පොලිස් අධිකාරි කාර්යාල,
පොලිස් ස්ථාන හා ත්‍රිවිධ හමුදා කඳවුරුද දැනුවත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා දිස්ත්‍රික් ආපදාකරණ සහන මධ්‍යස්ථාන හා 117 ආපදා හදිසි ඇමතුම් සේවයද පැය 24 පුරා සක්‍රියව පවතින බවද දන්වා සිටියේය.
687 Views
Comments