පාසැල් වෑන් රථ හෙට සිට ධාවනයෙන් ඉවත් වේ

සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා මේබව පැවසීය.
“අදත් අපි වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා.
නමුත් හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ.
ඒ නිසා අපි හෙට දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා.
ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි.
මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න .
මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,”
රුවන් ප්‍රසාද් මහතා පැවසීය.
691 Views
Comments