"සජිත් සුළග" කට සූදානම්

ජනාධිපතිවරණයෙන් පරාජය වී දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා නැවතත් දේශපාලනයට ගෙන ඒම සඳහා එම මහතාට හිතවාදී පාර්ශවය විසින් වැඩසටහනක් සකස් කරමින් සිටින බව වාර්තා වනවා.
2015දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු ඔහුව නැවත දේශපාලනයට ගෙන ඒම සදහා එවක විපක්‍ෂ විසින් සිදු කරන ලද ‘මහින්ද සුලග’ ආහාරයෙන් ජන රැල්ලක් ඇති කිරීමට සජිත් පිල මූලිකව සූදානම් වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සජිත් පේ‍්‍රමදාස මහතා බැලීමට පෝලිමට හම්බන්තොටට ජනතාව යැවීම, ‘සජිත් එනවා’ ආකාරයේ නමකින් තැන තැන ජන රැළි පැවැත්වීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ජනතා ප්‍රසාදය සජිත් ප්‍රේමදාස මහතා වටා එක්රැස් කරගැනීමට මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙවර පරාජයේදී හැසිරුණු අයුරු තුළින් පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු එලෙසම රදවා තබාගැනීම එහි අරමුණයි.
දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පිරිසක් යෝජනා කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ බලය ඇල්ලීමට හැකි වුවහොත් එය සිදුකිරීමට ද නොඑසේනම් වෙනත් දේශපාලන දහරාවක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඒ මත එක්කර ගැනීමටද ඔවුන් අදහස් කර සිටී.
1736 Views
Comments