දකුණේ දැවැන්ත පිම්මකින් ජනාධිපතිවරණයේ ජය ගෝඨාභයට - ජාත්‍යන්තර මාධ්‍ය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

දකුණේ දැවැන්ත පිම්මකින් ජනාධිපතිවරණයේ ජය ගෝඨාභයට - ජාත්‍යන්තර මාධ්‍ය

දකුණේ දැවැන්ත පිම්මකින් ජනාධිපතිවරණයේ ජය ගෝඨාභයට - ජාත්‍යන්තර මාධ්‍ය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වල වැඩි අවධානයක් යොමුවී තිබෙනවා. රොයිටර් පුවත් සේවය සහ හින්දු වෙබ් අඩවි වාර්තා වල දැක්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමට ඉඩ ඇති වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට පත්ව සිටින බවයි රොයිටර් පුවත් සේවයේ අදාළ වාර්තාව මගින් පෙන්වා දෙනවා.

 

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිල මත විමසුමක් පවත්වා නොමැති වුවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා වන බවත් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මන්දගාමී ගමනක නිරතවන බවද එහි දක්වා තිබෙනවා. 

 

ඉන්දීය හින්දු වෙබ් අඩවිය කියා සිටින්නේ යුද්ධය නිමා කිරීමට දායක වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් හැකියාව ඇති ශක්තිමත් නායකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව වැඩි බලාපොරොත්තු තබා සිටින බවයි.

 

ගෝඨාභය මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන ප්‍රදේශ මෙන්ම දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශවල පවා සෑම ප්‍රාදේශීය වැසියෙක්ම කියා සිටින්නේ “මෙහි බහුතරයක් ගෝඨාභය සඳහා ඡන්දය දෙනු ඇති” බවයි හින්දු වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

 

පසුගිය මැතිවරණ ප්‍රතිඵල ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි වන බවත් හින්දු වෙබ් අඩවිය සදහන් කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ 2015 මැතිවරණයකදී පවා දකුණු දිස්ත්‍රික්ක බොහොමයක් ඔහුට 60% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා දුන් බවත් මහින්ද රාජපක්ෂගේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් වන දකුණු තීරය, ඔහු විසින් අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහසුවෙන් වැලඳගෙන ඇති බව පෙනෙන්නට තිබෙන බවත් හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.

 

views

7736 Views

Comments

arrow-up