රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට මෙන් රැඳවියෝ ජනාධිපති සමාව ඉල්ලා උපවාසයක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට මෙන් රැඳවියෝ ජනාධිපති සමාව ඉල්ලා උපවාසයක

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට මෙන් රැඳවියෝ ජනාධිපති සමාව ඉල්ලා උපවාසයක

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව වැලිකඩ බන්ධනාගරයේ රැඳවියන් දෙදෙනෙකු ආරම්භ කර තිබෙන උපවාසය දෙවැනි දිනටත් අද(12) ක්‍රියාත්මක වුණා.

 

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු එහි ගොඩනැඟිල්ලක වහලය මතට නැගී ඊයේ දින මෙම විරෝධතාව ආරම්භ කළා.

 

මීට අමතරව පල්ලෙකැලේ සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල ද රැඳවියන් මේ සම්බන්ධව උපවාසයේ යෙදෙන බව වාර්තා වනවා.

 

2005 වසරේ ජූලි 01 වැනිදා රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නැමති ජාත්‍යන්තර පාසලක ඉඟනුම ලබමින් සිටි තරුණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී ජයමහ නැමැත්තාට 2012 වසරේ මරණ දඬුවම නියම කර තිබිණා.

 

පසුගිය 9 වැනිදා ජනාධිපතිවරයා විසින්, වරදකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබිණි.

views

711 Views

Comments

arrow-up