නොවැම්බර් 15 දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

නොවැම්බර් 15 දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු

නොවැම්බර් 15 දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු

නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට  තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

 

එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස ‍යොදාගන්නා සියලු පාසල් යථා පරිදි නැවත භාරදීමේ කොන්දේසියට යටත්ව 2019-11-14 වන දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට සහ එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමටත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්  ඒ සඳහා යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබෙනවා.

views

645 Views

Comments

arrow-up